Tuesday, May 19, 2026
HomeNEWSතලපති විජේගේ රැළියේදී මිය ගිය ගණන 39 දක්වා ඉහළට

තලපති විජේගේ රැළියේදී මිය ගිය ගණන 39 දක්වා ඉහළට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවය.සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ.කෙසේ වෙතත් ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තමිල්නාඩු රජයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.මේ අතර තමිල්නාඩු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ විජේගේ පක්ෂය විසින් පළමුව කරුර් ප්‍රදීපාගාර රවුන්ඩ්ටානා හී රැලිය පැවැත්වීමට අවසර ඉල්ලා සිටි බවය.කෙසේ වෙතත් පසුගිය රැලි දෙකේදි විශාල ජනකායකත් පැමිණි බව සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ රැලිය පැවැත්වීමට අවසර ලබා නොදුන් බවද ඔහු පවසා තිබේ.රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා තිබූ බවත් දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.එමෙන්ම මේ වන විට විජේගේ රැලිය සංවිධානය කිරීම සඳහා වගකිව යුතු පක්ෂ සාමාජිකයෙකු වූ කරුර් හී දිස්ත්‍රික් ලේකම්වරයෙකුට පොලීසිය විසින් නඩු පැවරීමටද කටයටුතු කර තිබේ.මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වන බවය.එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විසිනුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසා තිබේ.තවද සිදුවීමෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත මහ ඇමතිවරයාගේ සහන අරමුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක වන්දි ගෙවීමක් සහ රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සඳහා රුපියල් ලක්ෂයක වන්දි ගෙවීමටත් තීරණය කර ඇති බවත් ඔහු පවසා තිබේ.මේ අතර සිද්ධිය සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අදහස් දක්වා ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සිදුව ඇති සිදුවීම සම්බන්ධව තමන් අතිශයින්ම කනගාටු වන බවත්ය.කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු විජේ ට්‍රිච් ගුවන්තොටුපොල වෙත පැමිණ චෙන්නායි බලා ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවත් ඉන්දීය මාධය වාර්තා කර තිබේ.එහිදී ඔහු මාධ්‍ය මග හරිමින් සහ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ගුවන්තොටුපළේදී ඔහු සිය මුහුණ සඟවා ගමන් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර ඇත.කෙසේ වෙතත් චෙන්නායි හී ගොඩබැස්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමාගේ හදවත බිඳී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...

ඇමැති විජිතට බෙලරූස් ජනපති හමුවීමෙන් පසු දෙරට අතර සබඳතාවලට නව පරිච්ඡේදයක්

​අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවීමෙන් පසු මෙම සංචාරය ශ්‍රී ලංකා-බෙලරුස් සබඳතාවල "නව පරිච්ඡේදයක" ආරම්භය බව ප්‍රකාශ කරයි ​විදේශ කටයුතු, විදේශ රැකියා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img