වාරියපොළ ප්රාදේශීය සභාවේ සභාපති ඩී. එම්. තිලකරත්න බණ්ඩාර දිසානායක මහතාව එම ධුරයෙන් ඉවත්කර තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ මහතා විසින් විශේෂ ගැසට් පත්රයක් ප්රකාශයට පත්කරමින් ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තාවෙයි.
එල්ල වී ඇති චෝදනා කිහිපයක් පිළිබදව සිදුකළ විමර්ශනයකින් අනතුරුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව එම තීරණය ගෙන තිබේ.
විශ්රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්රධානත්වයෙන් අදාළ සභාපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර තිබුණි.
එම විමර්ශනයේදී එල්ල වී ඇති සියලු චෝදනාවලට වාරියපොළ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වැරදිකරු වන බවට තහවුරු වී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා පැවසුවේය.
ඒ අනුව ජනවාරි මස 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි වාරියපොළ ප්රාදේශීය සභාවේ සභාපති, තිලකරත්න බණ්ඩාර දිසානායක මහතා ධුරයෙන් ඉවත්කර තිබේ.






















