Friday, November 6, 2026
HomeNEWSතානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කරන්නේ මෙහෙමයි.

තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කරන්නේ මෙහෙමයි.

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමවිදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී තිබුණි. තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම නිසා කාර්යාල කිහිපයක ම පුරප්පාඩු ඇති විය. එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වේ. තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ක්‍රියාවලිය මෙසේ ය.• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.• ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික පරිචයේදී එම එකඟතාව අග්‍රෙමොං යන ප්‍රංශ වදනෙන් හඳුන්වනු ලැබේ. • එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලැබේ. • එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් ය. සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියා පරිපාටි ප්‍රකාර එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා අතර තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබා දෙයි. කෙසේවුවද, සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකි ය. • එකී එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු ය. එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරන අතර, එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙයි. තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුව ය.• උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් වෙයි.• ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ නම්නීකරණ වැඩසටහනක් සංවිධානය කරයි. එම නම්නීකරණ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාල විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි ය. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img