Friday, July 24, 2026
HomeNEWSLatest Newsතුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

පසුගිය ඉරිදා (04) ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන්  පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.  

දුරකථන අංකය – +961 5769585

විද්‍යුත් තැපැල් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img