Thursday, July 23, 2026
HomeNEWSLatest Newsකුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි උපදෙස්

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි උපදෙස්

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි උපදෙස්

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සනාථ කළාය.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

එම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.

මෙහි කොටසක් ජූලි 14 වැනි දා රාත්‍රියේ කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.

මේ අතර විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img