Tuesday, November 10, 2026
HomeNEWSතෙල් මිල වැඩිකිරීම වහා අත්හිටුවන්නැයි විපක්ෂය රජයෙන් ඉල්ලයි

තෙල් මිල වැඩිකිරීම වහා අත්හිටුවන්නැයි විපක්ෂය රජයෙන් ඉල්ලයි

තෙල් මිල වැඩිකිරීම වහාම අත්හිටුවා ජනතාවට සහනයක් සලසන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වාදෙන්නේ යළිත් වතාවක් තෙල් මිල වැඩි කරමින් ජනතාව කබලෙන් ළිපට ඇද දමා ඇති බවය.

ජනතාව නින්දට වැටෙන රාත්‍රී කාලයේ ගිවිසුම් අත්සන් කිරීම, භාණ්ඩ මිල ඉහළ දැමීම ආණ්ඩුවේ නවතම ක්‍රියා පිළිවෙත බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර සිය පාලනයක් යටතේ රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් මේ වගේ මහා ඛේදවාචකයකට ජනතාව ලක්වෙන්නේ නැහැ. අපේ පාලනයක් තුළ අපි නිවැරදි ගමනක් යන්නට තමා සැලසුම් කරලා තිබුණේ. ආපු හැටියේම පටන් ගත්තේ බිලියනපතියන්ට බදු සහන දීලානේ. එතැනින් තමා මේ ආර්ථික ඛේදවාචකය නිර්මාණය වුණේ.”

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ පක්ෂයෙන් වෙනම පස්දෙනෙක් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද ?

“ඔබතුමා කියන්නකෝ ඔබතුමාගේ ආණ්ඩුවට දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්න කියලා. එතකොට හැමෝගේම වැඩ බලාගන්න පුළුවන්. මම ඔබතුමන්ලාගෙනුත් ඉල්ලීමක් කරන්නේ, ඔබතුමාගේ රාජකාරියත් කරන්න. අද ඔබතුමන්ලාගේ රාජකාරිය තමා ඡන්දයක් තියන්න කියන දේ ආණ්ඩුවට කියන්න. මොකද අද ඒ තරමටම මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. ඡන්දයක් අවශ්‍යයි කියන මතය මාධ්‍ය ගොඩනගන්න. ඒක තමා ජනතා මතය ගොඩනැගීම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img