Tuesday, November 10, 2026
HomeNEWSදකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම

දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම

වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති ගරු මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේට දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා
විහාරාධිපති ගරු මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේ වෙත “විමලකීර්ති ශ්‍රී විජිත” ගෞරව
නාමය සහිතව දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය ප්‍රදානය
කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පස්වරුවේ සහභාගී විය.
කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පිහිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභා
උපෝසථාගාරයේ දී මෙම සන්නස් පත්‍ර ප්‍රදානය පැවැත්විණි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
කුලපති ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ
විසින් දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමට අදාළ සන්නස් පත්‍රය වැලිගම දෙනිපිටිය
ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති ගරු මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේ වෙත මෙහිදී
පිළිගන්වනු ලැබූහ.
අනතුරුව ඊට අදාළ විජිනිපත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිළිගන්වන ලදි.
දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදිවියෙන් පිදුම් ලැබූ වැලිගම දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා
විහාරාධිපති මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේ වෙත අෂ්ට පරිෂ්කාර පූජා කළ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නායක ස්වාමීන් වහන්සේට විශේෂ තිලිණයක් ද ප්‍රදානය කළේය.
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මැද්දවත්තේ සෝරත මහාස්ථිවිරපාදයන් වහන්සේට අෂ්ට
පරිෂ්කාර පූජා කළේය.

මාධ්‍ය නිවේදන අංක – 691
2022.02.19

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
කුලපති ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන්
වහන්සේ,කෝට්ටේ රාජමහා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උප
නාම ලේඛකාධිකාරී ගරු අළුත්නුවර අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ,නියෝජ්‍ය ලේඛකාධිකාරී මහාචාර්ය
නෙලුවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ, වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරාධිපති, මහාචාර්ය මිදිගම
සෝරත නායක ස්වාමීන් වහන්සේ, සහකාර ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත තන්තිරිමුල්ලේ සරණ
ස්ථිවිරයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න මෙහි වැඩම කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img