Tuesday, November 10, 2026
HomeNEWS“Cultural සෞභාග්‍යා” ප්‍රසංගය නරඹන්න...ජනපති සහ අගමැති එක්වෙති ...

“Cultural සෞභාග්‍යා” ප්‍රසංගය නරඹන්න…ජනපති සහ අගමැති එක්වෙති …

විදෙස් සබඳතා ශක්තිමත් කිරීම සහ අද්විතීය ස්ථාන ප්‍රවර්ධනය අරමුණයි…

“Cultural සෞභාග්‍යා” සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්වෙති.

ශ්‍රී ලාංකේය ප්‍රෞඩත්වය සහ සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත කිරීම, විදෙස් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම, අද්විතීය ස්ථාන ප්‍රවර්ධනය සහ සංස්කෘතික උරුම අනාගත පරපුරට පවරාදීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන එක්ව වැඩසටහන සංවිධාන කෙරිණ.

රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික ප්‍රසංගය අද (19) පස්වරුවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව දැනට විදේශ රාජ්‍යයන් 48ක් සමග සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් 48ක් අත්සන් තබා තිබේ.

සංස්කෘතික අමාත්‍යාංශයට අයත්  ආයතන, මධ්‍යස්ථාන සහ ජනකලා කේන්ද්‍රයේ නර්ථනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නර්ථනාංග ඉදිරිපත් කළහ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හා කැබිනට් අමාත්‍යවරු, සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා රාජ්‍ය අමාත්‍යවරු,  තානාපතිවරු, මහ කොමසාරිස්වරු, ජනාධිපති ලේකම්තුමා, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

                                  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img