Tuesday, September 8, 2026
HomeNEWSLatest News“දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නයට” ඇමති විමල් තදින් සිටී

“දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නයට” ඇමති විමල් තදින් සිටී

“දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි  ප්‍රශ්නයට” ඇමති විමල් තදින් සිටී

අදාළ ආයතනයට ඛනිජවැලි අපද්‍රව්‍ය රැගෙන ඒම වහාම අත්හිටුවයි…
පුල්මුඬේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදුු කළ අනාවරණය කෙරෙහි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ. 
ඒ අනුව තම අමාත්‍යාංශයට අයත් ‘ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට්‘ ආයතනයේ පුල්මුඬේ යන්ත්‍රාගාරයේ සිට ඉහත අනාවරණයෙහි සඳහන් දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය වෙත ඛනිජවැලි නිකුක් කිරීම වහා අත්හිටුවීමට අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
එසේම ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනය ඉල්මනයිට් සහිත ඛනිජවැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලන ලෙස ද උපදෙස් ලබා ඇති අමාත්‍යවරයා ‘දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නය’ සහ ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img