නිදන්ගත රෝගවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන ලබන මස 01 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ, මේ හේතුවෙන් ඉදිරියේදී තම පළාත තුළ නම් කරන ලද රෝහල්වලින් එම එන්නත අදාළ දරුවන් සඳහා ලබාගැනිමේ හැකියාව පවතින බවය.
දීර්ඝකාලීන රෝගාබාධ සහිත අවුරුදු 12ත් 19ත් අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම පසුගිය 24 වනදා රෝහල් කිහිපයකදී ආරම්භ කෙරුණි.
ඒ යටතේ මේ වන විට එන්නත් මාත්‍රා 500ක් පමණ ලබාදී ඇති බව විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේය.
” එන්නත්කරණය දැනට සිදුවෙන්නේ දිස්ත්‍රික්ක 5ක් තුළ පමණයි. ඔක්තෝම්බර් පළවෙනිදා අනෙකුත් දිස්ත්‍රික්කවලට එන්නත්කරණය ආරම්භ වෙනවා. මේ වන විට එන්නත් මාත්‍රා 500කට වැඩි පිරිසකට ලබාදීලා තියෙනවා. සංකූලතා ඇති වුණා කියලා අපිට වාර්තා වෙන්නේ නෑ. සුළු දේවල් තිබුණා. විශේෂයෙන් එන්නත ලබාදුන් ස්ථානය ඉදිමීම වැනි හා මද වශයෙන් උණ ඇතිවීම වැනි. මේ ළමුන්ට අපි සති 4කින් දෙවන මාත්‍රාව ලබාදෙනවා.තුන්වන මාත්‍රාවක් ලබාදීමට තීරණය කරලා නෑ.”






















