Wednesday, November 11, 2026
HomeNEWSමන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මන්නාරම ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා හෙට (29) පැවැත්වීමට නියමිත රැස්වීම තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසය නමැති පක්ෂයෙන් එම ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් විසින් එම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස්, එම පළාතේ පළාත් පාලන කොමසාරිස්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු හත් දෙනෙකු නම්කර ඇත.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ විනය කඩකළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් අධිකරණ විනිශ්චයකාරවරයෙකු ගෙන් යුත් කමිටුවක් මගින් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වූ බවය.

එම විනය පරීක්ෂණයේදී තමන්ට කරුණු ඉදිරිපත්කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබාදීමට පරීක්ෂණ නිලධාරියා කටයුතු නොකළ බවට චෝදනා කර ඇති පෙත්සම්කරු ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවූ බවද සඳහන් කළේය.

මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img