Thursday, April 16, 2026
HomeNEWSLatest News“ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසකභාවය එලෙසම තබාගෙන එයට වැට බඳින වගන්තිය සහිත...

“ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසකභාවය එලෙසම තබාගෙන එයට වැට බඳින වගන්තිය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන වසරේ දී ගෙන එනතෙක් අද 20ට බෙදීමකින් තොරව සහයෝගය දෙනවා”

“ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසකභාවය එලෙසම තබාගෙන එයට වැට බඳින වගන්තිය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන වසරේ දී ගෙන එනතෙක් අද 20ට බෙදීමකින් තොරව සහයෝගය දෙනවා”

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසකභාවය එලෙසින්ම තබාගෙන 2021 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ‘ද්විත්ව පුරවැසියන්ට’ මහජන නියෝජිතයන් ලෙස හෝ රජයේ ඉහළ නිලතල දැරීමට වැට බඳින වගන්තියක් ගෙන එන බවට ජනාධිපතිතුමන් ලබා දුන් ප්‍රතිඥාව පිළිගෙන ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ලෙස අද (22) දින 20 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ජනතේ කෙටුම්පතට සහයෝගය ලබා දීමට තම පක්ෂ සාමූහිකව තීරණය කළ බව ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (22) උදෑසන බොරැල්ල එන්ග එම් පෙරේරා කේන්ද්‍රයේ දී ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන පක්ෂවල නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. “19 වැනි සංශෝධනය අපේ රට අරාජික කිරීමට, දේශපාලන හීනමානයෙන් පෙළුණු රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයාගේ මනදොල සැපිරීමට ගෙන ආ එකක් මිස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ඉදිරි පැවැත්ම පිළිබඳ සොයා බලා ගෙන ආ එකක් නොවෙයි. එහි ඇතැම් වගන්ති ඇතුළත් කළේ රාජපක්ෂවරුන් ඉලක්ක කර ගෙනයි, යන්නත් අපේ රටම දන්නා එකක්. ඒ නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳව අපට ප්‍රතිපත්තිමය විරුද්ධතාවක් තිබුණේ නැහැ. ‘සාධනීය කරුණු රැක ගන්න කළ අරගලය’නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත්ව තිබූ ඇතැම් ප්‍රතිපාදන, විශේෂයෙන් විගණන කොමිසමට ලබා දුන් බලය, හදිසි පනත් ගෙන ඒම නතර කිරීම, අමාත්‍ය මණ්ඩලය එක්තරා මට්ටමකට සීමා කිරීම හා ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති කළ බාධාව ආදිය ඉතා සාධනීය කරුණු ලෙස අපි දැක්කා. ඒ නිසා තමයි අපි කැබිනට් මණ්ඩලය තුළත් ඉන් පිටතත් මෙම ප්‍රතිපාදන රැක ගැනීම සඳහා දිගින් දිගටම අරගල කළේ. අප ඉදිරිපත් කළ ඉහත කරුණුවලින් 90%ක් පමණ පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කර ඒවා තවදුරටත් රැක ගත යුතු බවට යෝජනා කළා. ‘ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය’ඒ අනුව විගණන කොමිසම පිළිබඳ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති වගන්තිය එලෙසම තබන්නත්, හදිසි පනත් ජාතික ආපදා අවස්ථාවකට සහ ජාතික ආරක්ෂාවට අදාළ කරුණුවලට පමණක් සීමා කරන්නත් ඒ වගේම අමාත්‍ය මණ්ඩලය පිළිබඳව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන ආකාරයට කටයුතු කිරීමටත් තීරණය කරනු ලැබුවා. එවිට අපට ඉතිරි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය පමණයි. මේ පිළිබඳව මේ රටේ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, ජාතික සංවිධාන, දේශපාලන පක්ෂ ලෙස අපි ඉතා ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එසේ විවේචනයක් ඉදිරිපත් කරමින් අපි මීට පෙර තීරණය කරනු ලැබුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමස්තයක් ලෙස ඡන්දය ලබා දුන්නත් ඒ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය, කාරක සභා අවස්ථාවේ  දී ඡන්ද විමසීමට භාජනය වන විට එම වගන්තියට අපේ පක්ෂපාතීත්වය ලබා නොදීමටයි. 

‘ජනපති සමඟ සාකච්ඡාවක්’ඒ තීරණය මත පදනම් වෙලා ක්‍රියාත්මක වීමට සිටිය දී තමයි ඊයේ (21) දිනයේ ජනාධිපතිතුමන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපට ආරාධනා කරනු ලැබුවේ. ‘ලබන වසර ඇතුළත ගෙන එනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිත ධුර, රජයේ වෙනස් උසස් නිලතල දැරීමට තිබෙන අයිතිය අහිමි වන ආකාරයේ වගන්තියක් නිසැක ලෙසම ඇතුළත් කරනවා. වත්මන් අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා මගින් අද පාර්ලිමේන්තුවේ සිදු කරනු ලබන පිළිතුරු දීමේ කතාවේදී ඒ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදු කරවනවා. ඒ ගැන විශ්වාසය තියලා මේ ව්‍යවස්ථා සංශෝධනයේ දී බෙදීමක් ඇති කිරීමෙන් වළකින්න’ කියා එම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් අපගෙන් ඉල්ලා සිටියා. ‘ජනපති පිළිබඳ විශ්වාසය’ජනාධිපතිතුමන් පිළිබඳව අපට ඇති විශ්වාසයත් එතුමන් දීපු වචනය ක්‍රියාවට නඟන නායකයෙකි, කියන අපට ඇති අවබෝධයත් නිසා අපි සාමූහිකව තීරණය කළා, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විරසකභාවය එලෙසම තබා ගනිමින් 2021 වසරේ දී සම්මත කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවෙහි ඒ වගන්තිය ඇතුළත් කරන තෙක් අද කාරක සභා අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය පිළිබඳව නිෂ්ක්‍රියව සිටීමට අප පෙර ගනු ලැබූ තීරණය අවලංගු කිරීමට. ඒ අනුව අපි ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ආකාරයට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේ දී සාමූහිකව කටයුතු කරනු ලබනවා. මේ තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන අවසාන සංශෝධනය. ලබන වසරේ දී ගෙන එනු ලබන නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව රටවැසියා බලගන්වන ව්‍යවස්ථාවක් බවට පත් කර ගැනුමට පෙරට එන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම මාධ්‍ය හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන අමාත්‍යවරු ද ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img