Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsවිස්ස වැඩි ඡන්දයෙන් සම්මතයි

විස්ස වැඩි ඡන්දයෙන් සම්මතයි

විස්ස වැඩි ඡන්දයෙන් සම්මතයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් අද (22) සම්මත විය. 

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

ඒ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ අතර සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ සහ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සමග පනත් කෙටුම්පතට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ.

ඉෂාක් රහුමාන්, එම්. රහීම්, අහමඩ් නසීර්, මොහාමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, අරවින්ද් කුමාර්, සහ එම්. එස්. තව්ෆීක්  අනෙක් මන්ත්‍රීවරු 7 දෙනා වේ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව මේ වනවිට පැවැත් වේ. එහිදී විපක්ෂය විසින් විවිධ සංශෝධන ඉදිරිපත් කළ අතර ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ව වූ වගන්තියට විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලීය.

එම වගන්තියට පක්ෂව මන්ත්‍රීවරු 157 ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට 64 දෙනෙක් විරුද්ධ විණි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img