පුදුකුඩුඉරිප්පු උඩයාර්කට්ටු ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පියා, මව සහ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම දැරිය අතුරුදන්ව ඇති බවට පසුගිය 15 වනදා පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී ඇයගේ මළසිරුර කැලෑ ප්‍රදේශයක තිබී සොයාගැනුණි.
අනතුරුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ මස්සිනා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
පසුව දැරියගේ පියා, මව සහ සහෝදරිය පසුගිය ඊයේ (23) වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම දැරියගේ මස්සිනා විසින් ඇය ඝාතනය කර ඇති බවට හෙළි වී ඇති අතර සැලසුම් සහගතව සහ සූක්ෂමව ඝාතනය වසන් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ මස්සිනා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් දැරියගේ පියා, මව සහ සහෝදරිය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















