Saturday, May 2, 2026
HomeNEWSLatest Newsදුම්බීම නිසා මානසික රෝග ඇතිවෙනවා - මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු

දුම්බීම නිසා මානසික රෝග ඇතිවෙනවා – මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු

දුම්බීම නිසා තීව්‍ර මානසික රෝග ඇතිවන බව මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි.

එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් බව ඒ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය පිණිස නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක දේශනයක් කරමින් ඔහු අද (24) මේ බව සඳහන් කළේය.

දිවයින පුරා විසිරී සිටින සෞඛය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ වෛද්‍ය  නිලධාරීන් වෙනුවෙන් පැවති පුහුණු වැඩමුළුවකදී ඔහු අවධාරණය කළේ දුම් බීම නිසා මානසික රෝග ඇතිවන බව වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර පොත්පත් හා ඉගෙනුම් ආධාරක ප්‍රකාශනවලින්ද ඉවත් කර ඇති බවය.

එහෙත් දුම්බීම ප්‍රවර්ධනය කරන ප්‍රකාශන පිටු මිලියන 70ක් මේ වන විටත් සිගරට් සමාගම් විසින් සමාජ ගත කර තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුනි.

ඇමරිකා එක්සත් ජනපදයේ සම්පූර්ණ සිගරට් නිෂ්පාදනයෙන් 50% ක් ම පාවිච්චි කර ඇත්තේ මානසික රෝග සහිත පුද්ගලයන් විසින් බවද පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, දුම්බීමට තහනම් ප්‍රදේශ යටතට මේ දක්වා සලකා ඇත්තේ විවෘත නැති පොදු ස්ථාන වන අතර එයින් බොහොමයක් පොදු ස්ථාන ආවරණය නොවන බව පෙනී ගොස් ඇති බවත් එම නිසා ඉදිරියේදී මෙම වගන්තිය සියලුම පොදු ස්ථාන ලෙස වෙනස්  කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳක ජාතික අධිකාරීයේ සභාපති, ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පණතට අනුව දුම්කොළ අඩංගු “විට වර්ග” විකිණීම, ප්‍රදර්ශනය කිරීම සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය ශ්‍රී ලංකාව තුළ සපුරා තහනම් බව ද ඒ මහතා අවධාරණය කළේය.

ඉදිරි කාලය තුළ දී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් මෙම නීති ප්‍රායෝගිකව තදින් ක්‍රියාත්මක කිරීමට මැදිහත්වීමක් කිරීමට දුම්කොළ හා මධ්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරිය බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් තවත් අයෙක් පෙළඹවීමක් ඇතිවන පරිදි මහජනතාවට ප්‍රදර්ශනය වන සේ දුම්වැටි භාවිතය දැනට තිබෙන පනත යටතේ වුවද සපුරා තහනම් වෙයි.

එසේම දුම්කොල සහිත බුලත් විට අලෙවි කිරීමද සපුරා තහනම් නමුත් එම නීතිය තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවනවන බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කියයි.

නමුත් ඉදිරියේදී මේ නීති ප්‍රකාරව දැඩිව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ඔහු  අවධාරණය කළේය.

මේ අතර දුම්කොල සහිත බුලත් විට සැපීමෙන් ඇතිවන මුඛ පිළිකා නිසා ශ්‍රී ලංකාවේ දිනකට තිදෙනෙක් මරණයට පත්වන බවද ඔහු අනාවරණ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img