Saturday, May 2, 2026
HomeNEWSLatest Newsපිරිමි දරුවෙක්ව අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවට

පිරිමි දරුවෙක්ව අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවට

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා විසින් මේ බව නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම බාලයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්වී ඇති බව අනාවරණය වී ඇත.

2019 වර්ෂයේ අගභාගයේ දී ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔවුගේ මෝටර් රථයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය බවත්, ඒ අවස්ථාවේ දී ඔහු දරුවාට මත්ද්‍රව්‍යයක් මිශ්‍ර බීමක් පානය කිරීමට සලස්වා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බවත් අනාවරණය වී තිබේ.

තවද, එම සිද්ධියට ප්‍රථම මෙම නර්තන ගුරුවරයා බාල වයස්කාර ළමයින් තිදෙනෙක් ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමක් විදෙස් රටකට සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇත.

එම සංචාරයේ දී එක් බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමට මෙම ගුරුවරයා උත්සහ දරා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තවද එම ගුරුවරයා මීට පෙර බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙක් යොදා ගෙන අන්තර්ජාලය හරහා දැරියක් අපහසුතාවයට පත් කිරීමකට ද සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img