දුම්රිය මාර්ග ආශ්රිතව යකඩ සොරකම් කිරීමේ ප්රවනතාව ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්රකාශකයෙකු සඳහන් කළේ මොරටුව කොරළවැල්ල, කොළඹ කොටුව, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්රදේශවල මෙම සොරකම් වැඩි වශයෙන් වාර්ථා වන බවය.
ඒ අනුව ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ පොලීසිය ඒකාබද්ධව විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේතුව සඳහන් කළේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ හිඟය මෙම තත්ත්වය වර්ධනයවීම සඳහා හේතු වී ඇති බවය.
මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය අනතුරු ඉහළයාමේ අවදානමක් මතුවිය හැකි බවද එම දෙපාර්තමේන්තු ප්රකාශකයා සඳහන් කළේය.






















