වෙළෙඳපොළ ගුණාත්මක භාවයෙන් තොර ශීත කළ ආහාර අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය සති 02ක කාලය තුළ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී එම පියවර ගත් බවය.
වර්තමානයේ විටින්විට සිදුවන විදුලි කප්පාදුව සමග ශීතකරණවල තිබෙන ආහාරවල ගුණාත්මකභාවයේ වෙනස්වීම් ඇති වී තිබෙන බව උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් වෙළෙඳපොළේ ශීත කළ ආහාර මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සැලකිලිමත් වියයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
ශීතකරණවල තිබෙන මස් වර්ග සහ කිරි නිෂ්පාදනවල එලෙස විදුලි කප්පාදුවත් සමග ප්‍රමිතියේ වෙනස්වීම් සිදුවී ඇති බව වාර්තා වෙයි.






















