Tuesday, November 10, 2026
HomeNEWSදුම්රිය වර්ජනයකට සුදානමක්

දුම්රිය වර්ජනයකට සුදානමක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වෙමින් ඇති බවය.

ඒ පිළිබඳ අදහස් දැක්වු සභාපතිවරයා,

“සීසන් එකයි කෑම පැකට් එකයි අරගෙන රාජ්‍ය සේවයට එන සේවකයා දුම්රිය ස්ථානයට එනකොට අද දුම්රිය අවලංගු වෙලා. මේ නිලධාරීන් මොනවා ද කරන්නේ, මේවට ගන්න ක්‍රියාමාර්ග මොනවා ද? කියන එක අපි ගරු ජනාධිපතිතුමාගෙන් දැනගන්න කැමතියි. ඒත් එක්කම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් 90%ක් මේ වෙනකොට ඇනහිටලා තියෙනවා. ලබන වසරේ ජනවාරිවලට දුම්රිය ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුවීම් මණ්ඩලය පවත්වාගෙන යන නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය අපේ අනුමත වෙලා නෑ. ඒවා අනුමත කරන්නේ නෑ. ඒවට ක්‍රියාමාර්ග ගන්නේ නෑ. අපි ඉදිරියේ දී ක්‍රමක් ක්‍රමයෙන් මගීන්ට අපහසු නොවන විදියට වෘත්තීය ක්‍රියාමාර්ගවල සඳුදා සිට නියැලෙනවා. එළැඹෙන නත්තල් නිවාඩු සමයෙන් පසුව මේකට විසඳුම් ලැබෙන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වනවා 26 වෙනිදායින් පසුව සමස්ත ලංකාව පුරාම විසිරී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලන කාර්යාලවල අපේ සාමාජිකයින් සියලුදෙනා එකාවන්ව එළියට බැහැලා මේක අරගලයක් විදියට දියත් කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img