Sunday, November 15, 2026
HomeNEWSLatest Newsදේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ උදයංග වීරතුංග පැවසූ දේ

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ උදයංග වීරතුංග පැවසූ දේ

මිග් යානා ගනුදෙනුව හරහා කිසිදු අයථා මුදලක් තමන් උපයාගෙන ඇතැයි තහවුරු වී නොමැති බව ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (05) සඳහන් කළේය.

කොමිසම හමුවේ ඔහු සඳහන් කළේ මෙය දේශපාලන පළිගැනීමක් මත සිදුකරන චෝදනාවක් බවය.

එහිදී ඔහු සඳහන් කළේ මිග්යානා ගනුදෙනුවට අදාළ ව යහපාලන රජය විසින් පිහිටුවනු ලැබූ FCID ආයතනය සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය මඟින් තමන්ගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවිමට පියවර ගෙන ඇති බවය.

2015 අප්‍රේල් 29 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උදයංග වීරතුංග යන නමට ඇති සියලු බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රීය කළ අතර, එම කාලය තුළ කිසිදු අධිකරණයකින් තමා සැකකරුවෙකු ලෙස නම් කර නොතිබුණු බවත්, ගිණුම් අත්හිටුවිමට කිසිඳු අධිකරණ නියෝගයක් නොතිබුණු බවත් ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

යහපාලන රජය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා පොලීසිය 2015 අප්‍රේල් 29 සිට මාස 64 ක් පුරා තමන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ බවත් , මිග් යානා ගනුදෙනුවට අදාළව කිසිඳු අයථා මුදලක් ඉන් උපයා ගෙන නොමැති බවත් ඔහු කොමිසම හමුවේ පැවසුවේය.

එම ගිවිසුමට අදාළව ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඇතුළු තවත් ආයතන දෙකක් මගින් තමන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බව ද ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

කිසිඳු අයථා ගණුදෙණනුවක් සම්බන්ධ තොරතුරක් හෝ සාක්ෂියක් මෙතෙක් තහවුරු වී නොමැති බැවින් මෙය දේශපාලන පළිගැනීම් මත සිදුවන චෝදනාවක් බව උදයංග වීරතුංග මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කොමිසම හමුව් සඳහන් කළේ, බැංකු ගිණුම් මාධ්‍යට හෙළිකිරීම තුලින් ගිණුම්කරුවන් අනාරක්ෂිත භාවයට පත්ව ඇති බවය.

ඒ අනුව උදයංග වීරතුංග මහතාට සැප්තැම්බර් 12 වන සෙනසුරාදා යළි කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img