දිවයිනට දැනට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්ත්වය හේතුවෙන් ගාල්ල උණවටුන බොනිවිස්ටා ප්‍රදේශයේ ගසක් කඩාවැටී ඊට යටවීමෙන් 59 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
කිතුල් ගසක් කඩා වැටීමෙන් එසේ මියගොස් තිබුණේ සුනිලා කාන්ති ජයසිංහ නැමැති 59 හැවිරිදි, දෙදරු මවකි.
ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් පසුව වරින්වර දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලුණේය.
ඊයේ (05) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් කළුතර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව කෙලින්කන්ද ප්‍රධාන මාර්ගයට පහළින් පිහිටි ප්‍රපාතයට විශාල ගලක් පෙරළී තිබේ.
මෙම ගල මෝල්කාව කෙලින්කන්ද ප්‍රධාන මාර්ගයට ඉහළින් කඳු ප්‍රදේශයක සිට මාර්ගයට පතිත වී ඇති අතර ඉන් මාර්ගයද යම් ප්‍රමාණයකට ගිලා බැස තිබුණි.
කෙසේ වෙතත් පවතින අවදානම් තත්ත්වය හමුවේ ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 50 දෙනෙකු මේ වන විට කොස්ගුලන විහාරස්ථානයේ රඳවා සිටින බව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් එස්. තිරිමාන්න මහතා “අද දෙරණට” සඳහන් කළේය.
එසේම, ගාල්ල දෙවැට ප්‍රදේශය හරහා අද දහවල් හමාගිය දැඩි සුළඟින් ධීවර වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුව තිබුණි.
අදත් ප්‍රදේශ කිහිපයකම ජලගැලීම් වාර්තා වූ අතර බදුල්ලට ඇදහැලුණු අධික වර්ෂාව නිසා හාලිඇල කන්දෙගෙදර මාර්ගය ජලයෙන් යටවිය.
ගාල්ල තවලම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබුණි.
දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (07) දහවල් 12 වනතුරු කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කරවීමෙන් වළකින ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.






















