Wednesday, November 4, 2026
HomeNEWSනාගරික සංවර්ධන අධිකාරියේ නගර සැලසුම් ශිල්පීන් පිළිකුත්තුව කන්දේ අධ්‍යයන චාරිකාවක.

නාගරික සංවර්ධන අධිකාරියේ නගර සැලසුම් ශිල්පීන් පිළිකුත්තුව කන්දේ අධ්‍යයන චාරිකාවක.

පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත කන්ද පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනයට සැලසුම්… නාගරික සංවර්ධන අධිකාරියේ නගර සැලසුම් ශිල්පීන් පිළිකුත්තුව කන්දේ අධ්‍යයන චාරිකාවක…පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කර ඇති පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශයේ ගම්පහ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පීහු අධ්‍යයන චාරිකාවක නිරත වෙති. ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (24) එය සංවිධානය කර තිබිණ. මහර සංවර්ධන සැලැස්ම මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සැලැස්ම යටතේ පිළිකුත්තුව රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. “Travel to pilikuththuwa” ලෙස එම ව්‍යාපෘතිය නම් කර ඇත. අඩි 400 – 450 ක් පමණ උස කදු ගැටයක් සහිත අක්කර 250 ක් තරම් භූමි භාගයක මෙම පිළිකුත්තුව කන්ද පිහිටා තිබේ. ඉන් අක්කර 52 ක ප්‍රමාණයක් පිළිකුත්තුව රජමහා විහාරය සතු වෙයි. පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමිය මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානයක් ලෙස සැලකේ. බස්නාහිර පළාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙස ද එය හැදින්වෙයි. මෙහි ගල් ලෙන් 99 ක් පමණ තිබෙන අතර ඒ අතර කටාරම් රහිත ලෙන් කිහිපයක්ද දැකිය හැකිය. එම කටාරම් රහිත ලෙන් තුළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇතැයි සැලකේ. පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස පමණ වන තෙක් අතීතයට දිවෙයි. එම කාලයේදී මෙම වණ අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පිරිදි වැඩි දියුණු කොට තිබු බව පුරාවිද්‍යා ලේඛන වල සදහන්ය. මෙම විහාරස්ථානය දේවානම්පිය තිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් ලෙසත් සැලකේ. මෙම ප්‍රදේශයේ කරනු ලැබු කැණීම් වලදී ඉපැරණි පොසිල, රක්ත වරණ වළං කැබලි, පබළු වර්ග, ගල් ආයුධ සහ පොලොන්නරු යුගයට අයත් කාසි වර්ග හමුවී තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන චාරිකාව පැවැත්විණ. මෙම අධ්‍යයන චාරිකාවට නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ, කලුතර සහ බස්නාහිර පළාත් කාර්යාලවල සැලසුම් නිළධාරීන් සහභාගී වූහ. ප්‍රදීප් අනුර කුමාර(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img