Friday, April 24, 2026
HomeNEWSනැටුවාට නවසීලන්ත පාර්ලිමේන්තුවේ තහනමක්.

නැටුවාට නවසීලන්ත පාර්ලිමේන්තුවේ තහනමක්.

යෝජිත නීතියකට විරෝධය පළකිරීම සඳහා මඕරි හකා නර්තනයක් නවසීලන්ත පාර්ලිමේන්තුව තුළදී සිදුකළ එරට මඕරි මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබේ.ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මස අදාළ විරෝධතා හකා නර්තනය සිදුකළ විපක්ෂ මන්ත්‍රිනියක වන හනා-රවුති මයිපි-ක්ලාක්ට දින 7ක තහනමක් පනවා ඇත.එමෙන්ම ඇගේ දේශපාලන පක්ෂය වන ටෙ-පැටි-මාඕරිහි නායකයින් වන ඩෙබී නගරේවා-පැකර් සහ රවිරි වයිටිටි දෙදෙනාට දින 21 බැගින්ද තහනමක් පනවා තිබේ.නවසීලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් එරට මන්ත්‍රීවරයෙකුට එරෙහිව දින තුනකට වැඩි තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.යෝජිත නීතිය මගින් තම ස්වදේශික අයිතිවාසිකම් ආපසු හරවන බව පවසමින් හනා-රවුති ඇතුළු තිදෙනා ඉකුත් නොවැම්බර් මාසයේදී අදාළ විරෝධතා හකා නර්ථනය කළහ. පසුව එය ලොව පුරා දැඩි අවධානයකට තුඩුදුන් හේතුවක් විය. එම යෝජිත නීතියෙන් ඔවුන් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.කෙසේ නමුත් මෙම දඬුවම නියම කර ඇත්තේ ඔවුන්ගේ හකා ඉදිරිපත්කිරීමට නොව, පාර්ලිමේන්තු සභා ගර්භයේ තම විරුද්ධවාදීන් දෙසට එය කරන අතරතුර ඇවිදීම හේතුවන් බව සඳහන්.අදාළ තහනම පැනවූ නීති කමිටු සභාපතිනිවරයා පවසා ඇත්තේ, එම හැසිරීම ඉතා දරුණු, කඩාකප්පල්කාරී සහ බිය ගැන්වීමේ හැකියාවක් ඇති බවයි.එහෙත් 22 හානා-රවුති එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇය පවසා ඇත්තේ තමන් විරුද්ධවාදීන් වෙත ළඟා වූ වෙනත් අවස්ථාව උපුටා දක්වමිනි මෙම තහනම පනවා ඇති බවය. තමන් මඕරි ජාතිකයන් නිසා අනෙක් අයට වඩා දරුණු ලෙස සලකන බවද ඇය වැඩදුරටත් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img