Friday, April 24, 2026
HomeNEWSශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා.ඉන්දුනීසියාව සමඟ සාකච්ඡ කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දුනීසියානු තානාපතිනියට දැන්වූවේ ය. ඒ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඉකුත් 02 වන දා පැවැති අවස්ථාවේ දී ය. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ පවත්වන මිත්‍ර සබඳතාව පිළිබඳව ද ප්‍රසාදය පළ කළ අමාත්‍යතුමා එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ද පෙන්වා දුන්නේ ය. ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සඳහා නිකල් ආදි ඛණිජ සම්පත් අපනයන කරන බව පෙන්වා දුන් තානාපතිවරිය ඛණිජ වැලි ආදිය අපනයනය කරනු ලබන රටවල්වල එකමුතුවක් ඇති කර ඛණිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන ලෙස සෙසු රටවලට අපනයනය කිරීම පිළිබඳව යෝජනා කළා ය. ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට ඉන්දුනීසියාව සමඟ එක් වී අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ලබාගැනීමට ඉදිරි කාලයේ ද්විපාර්ෂවික සහයෝගීතාවයකට පැමිණීමට අමාත්‍ය විජිත හේරත් මහතා ද එකඟතාවය පළ කළේ ය. ඉන්දුනීසියාව විදුලි වාහන නිස්පාදනය සම්බන්ධයෙන් කේන්ද්‍රයක් බවට පත්වී ඇති බැවින් සිය විදුලි බස් රථ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ හවුලේ කටයුතු කිරීමට ද තානාපතිවරිය කැමැත්ත ප්‍රකාශ කළා ය. මීට අමතරව ඉන්දුනීසියාව සහල්, ඉරිඟු, සීනි සහ ධීවර කර්මාන්තය වැනි කෘෂි ක්ෂේත්‍රවල ලබා ඇති දියුණුවත් සමඟ කෘෂි නිෂ්පාදන අතිරික්තයක් එරට පවතින බැවින් මේ ක්ෂේත්‍රවල ද ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගැනීමට ඉන්දුනීසියානු රජය කැමැත්තෙන් සිටින බව ද තානාපතරියා අමාත්‍ය විජිත හේරත් මහතාට දන්වා සිටියා ය.එරට ඓතිහාසික බැංඩුන්ග් (Bandung) සමුළුව පවත්වා වසර 70ක් පිරෙන බැවින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බැංඩුන්ග් සමුළුවට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන බව ඉන්දුනීසියානු තානාපතිවරිය අමාත්‍යවරයා වෙත දන්වා සිටියාය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img