පසුගිය මාස කීපයක් තුලදී නිකවැරටිය ප්‍රදේශවාසීන්ව බියවද්දමින් පුද්ගලයින් තිදෙනෙකු මරා දැමූ වන අලියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් අද (22) අලුයම සමත් වී තිබේ.
දින පහක මෙහෙයුමකින් අනතුරුව වන අලියා අල්ලා ගැනීමට හැකිවූ බව වනජීවි නිලධාරීන් පැවසු බව අප වාර්තාකරු කීය.
වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් මෙහෙයුම සදහා එක්ව සිටි බව වාර්තාවේ.
අල්ලාගත් වන අලියා හොරොව්පතාන වන අලි රැදවුම් මධ්‍යස්ථානයට මුදාහැරීමට නියමිතය.






















