Wednesday, October 28, 2026
HomeNEWSනිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

2019 වසරේ සිට LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ඊයේ (12) එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සැකකරු 2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය වෙත පළාගොස් තිබූ බවය.

පසුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිල් නිවේදනයක් ලබාගෙන තිබේ.

ඒ අනුව කටාර් රාජ්‍ය විසින් ඔහුව පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවා තිබූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

අදාළ සැකකරු ශ්‍රී ලංකාවේ දී දින 14ක නිරෝධායන කාලයක් ගතකර ඇති අතර එය අවසන් වූ වහාම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img