Friday, October 30, 2026
HomeNEWSLatest Newsනිව් ඩයමන්ඩ් - ගින්න නිවීමේ කටයුතු තවදුරටත්

නිව් ඩයමන්ඩ් – ගින්න නිවීමේ කටයුතු තවදුරටත්

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ “නිව් ඩයමන්ඩ්“ (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක ඊයේ (03) සිදුවූ පිපිරුමක් සමඟ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “Mi 17“ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් පෙර දින හිරු බැස යාම තෙක් සිදු කළ අතර, “බීච් ක්‍රාෆ්ට්“ යානාවක් මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි. 

එමෙන්ම ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම ආපදා තත්ත්වය ගුවනින් නිරීක්‍ෂණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මෙම ආපදා තත්ත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා තිබේ. 

2020 සැප්තැම්බර් 03 වන දින  සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසළට ළඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක “සෞර්යා“ (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම ආරම්භ කරන ලදි. 

එමෙන්ම අද (04) අළුයම් කාලය වන විට හම්බන්තොට වරායෙන් පිටත් වූ “රාවණා“ සහ වසඹ යන ටග් යාත්‍රා දෙක අළුයම 1.00 සහ 3.00 වන විටත් සහ ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger යන ටග් යාත්‍රාවක් අළුයම 2.00 පමණ මෙම මෙහෙයුමට එක්විය. 

තවද, අද අළුයම 2.00 පමණ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන “ශෙහාද්‍රි“ (INS Sahyadry) නෞකාවද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුමට එක්වූ අතර, තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා දෙකක් අද දින දහවල් කාලය වන විට මෙම මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතය. 

මේ අතර, මෙම ‍ආපදා සහන මෙහෙයුම සඳහා සහභාගී වූ රුසියානු නෞකා ද්විත්වය අවශ්‍ය සහයෝගය ලබා දී ඊයේ (03) සවස් භාගයේ දී එම මුහුදු ප්‍රදේශයෙන්  පිටත්ව ‍යන ලදි.

එමෙන්ම හෙලන් එම් (Helen M) වෙළඳ නෞකාවේ රැඳී සිටි ආපදාවට පත් ‍නෞකාවේ කාර්යමණ්ඩලයේ 19 දෙනා ඇතළුව 21 දෙනෙකු මේ වන විට නාවික හමුදා නෞකා‍ වෙත රැගෙන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා ඇත.

අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බව නාවික හමුදාව පවසයි. 

ඒ අනුව, 23 ක් වූ අනතුරට පත් නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇති අතර, එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇත. 

තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. 

එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතු කරගෙන එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැති අතර, තෙල් කාන්දු වීමේ තත්වයක් ඇති වුවහොත්, එයින් සිදු වන හානිය අවම කිරීමට හා එ‍මගින් ඇතිවිය හැකි තත්වයන් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය,  ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටී.

ආපදාවට පත් බොරතෙල් නෞකාව අද උදෑසන 0500 පැය වන විට ආසන්නම ගොඩබිම සිට නාවික සැතපුම් 25 ක් (දල වශයෙන් 50 km) පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මහ මුහුදේ ඇත. 

අද උදෑසන 5.30 වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා තුනක්, වේග ප්‍රහාරක යාත්‍රා දෙකක්, ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක්, ඉන්දීය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා තුනක් ආපදාවට ලක් වූ නෞකාව සමීපයේ ඇත. 

අද දින අලුයම 5.30 සිට ගුවන් මගින් ද ගිනි නිවන කටයුතු නැවත ආරම්භවීමට නියමිතය. 

ආපදාවට ලක් වූ නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කළාපය (Super structure) තවමත් ගිනිගන්නා අතර එය නෞකාවේ බොරතෙල් ගබඩා කර ඇති කළාපයට බලපෑමක් ඇති කර නොමැත. 

නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මගින් සිදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img