Sunday, May 3, 2026
HomeNEWSLatest Newsනීතිපති ශ්‍රී ලංකාවේ සිටින එ. ජා. සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන...

නීතිපති ශ්‍රී ලංකාවේ සිටින එ. ජා. සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන නියෝජිතයා හමුවෙයි

නීතිපති ශ්‍රී ලංකාවේ සිටින එ. ජා. සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන නියෝජිතයා හමුවෙයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ප්‍රධාන නියෝජිතයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු පිළිබඳ සහ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පිළිබඳ සමුද්‍ර විශේෂඥයෙකු සමග සාකච්ඡා පවත්වා තිබේ.

ඊයේ (21) නීතිපති නිල මැඳුරේදී මෙම සාකච්ඡා පවත්වා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

කලාපීය වශයෙන්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවලට හා අනෙකුත් අපරාධ හා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධව පවතින නෛතික ගැටලු හා කලාපයට අදාළ විමර්ශන ගැටලු පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ.

මෙරටට ජාත්‍යන්තර අපරාධවලින් සිදුවන උවදුරු හා බලපෑම් පිළිබඳ එම සාකච්ඡාවේ දී නීතිපතිගේ දැඩි  සැළකිල්ලට භාජනය වී ඇති බවද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img