Sunday, November 15, 2026
HomeNEWSLatest Newsපරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්.....

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්…..

පරිසරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තිමය
වැඩපිළිවෙළක්…..

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු රටේම පරිසරය ආරක්ෂා කිරීම සඳහා
ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් දැනටමත් සකස්කොට ඇතැයි ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
(2020.07.22) පස්වරුවේ කොලොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ
පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දෙදහස්
පහළොව වසරට පෙර ක්‍රියාත්මකකල කොළඹ නගරය අලංකාර කිරීමේ
වැඩපිළිවෙළ නැවත ආරම්භ කරන බවයි.
කොළඹ දිස්ත්‍රික්කය හා සමගාමීව රට පුරා සියලුම ප්‍රදේශ ආවරණය
වන පරිදි පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක
අවශ්‍යතාවය කලක පටන් සමාජයේ කතා බහට ලක්වූ මාතෘකාවක් වී
තිබේ.
තම රජය යටතේ සැමවිටම පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිමය
වැඩසටහන්වලට මූලිකත්වය ලබාදුන් බව කී අමාත්‍යවරයා සංවර්ධන
ක්‍රියාදාමයන් දියත් කරන අතරතුර රටේ පරිසරය ආරක්ෂා කිරීම ද
රජයක වගකීමක් බව සඳහන් කළේ ය.
ජනාධිපතිවරයාගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ බලයක් පාර්ලිමේන්තුව
තුළ හිමිකර ගැනීම වර්තමානයේ ඉතා වැදගත් වන අතර, ඒ සැලසුම්
ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාවක් මෙන්ම ශක්තියක් තිබෙන පිරිසක්
පාර්ලිමේන්තුවට පත්කර ගතයුතු බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා
දුන්නේය.
ඇතැම් දේශපාලන පක්ෂ මේ වෙනවිටත් දෙකට බෙදී, රට ද බෙදීමේ
උත්සාහයක නිරත වන බව කී අග්‍රාමාත්‍යවරයා එවැනි කුමන්ත්‍රණ
පරාජය කොට රට ගොඩනැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වටා එක්වන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img