Monday, September 14, 2026
HomeNEWSLatest Newsමහින්දව දාලා නොගිය වරදාන වරප්‍රසාද වලට ඡන්දය පාවා නොදෙන අය පාර්ලිමේන්තුවට එවන්න.

මහින්දව දාලා නොගිය වරදාන වරප්‍රසාද වලට ඡන්දය පාවා නොදෙන අය පාර්ලිමේන්තුවට එවන්න.

මහින්දව දාලා නොගිය වරදාන වරප්‍රසාද
වලට ඡන්දය පාවා නොදෙන අය
පාර්ලිමේන්තුවට එවන්න.

අගෝස්තු 05 වෙනිදාට තියෙන්නේ මහින්ද අගමැති
කරවීමේ අවසන් සටනයි.
 බණ්ඩාරනායක ප්‍රතිපත්ති දැන් ඇත්තේ ශ්‍රීලපොපෙ
පමණයි.
 නියම ශ්‍රී ලංකාකාරයන් ඉන්නේ මහින්දත් එක්කයි.

මහින්දව දාලා නොගිය වරදාන වරප්‍රසාද
වලට ඡන්දය පාවා නොදෙන අය
පාර්ලිමේන්තුවට එවන්න.

අගෝස්තු 05 වෙනිදාට ඇත්තේ මහින්ද අගමැති කරවීමේ අවසන් සටන බවත්,
මහින්ද රාජලක්ෂ මහතා හැර නොගිය වරදාන වරප්‍රසාද වලට ඡන්දය පාවා
නොදෙන අය පමණක් මෙවර පාර්ලිමේන්තුවට එවන්න යැයි ජනතාවගෙන්
ඉල්ලා සිටින බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්
සේවා ඇමති ප්‍රසන්න රණතුංග ඇමතිතුමා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
තුළ නොමැති බවයි. එම ප්‍රතිපත්ති දැන් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1
4

තුළ පමණක් බව පවසන ඇමතිවරයා නියම ශ්‍රී ලංකාකාරයන් ඉන්නේ මහින්ද
සමග බව ද කීවේය.
මිනුවන්ගොඩ දෙවළපොළ, පන්සල් හංදියේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණු රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීවේය.
“මේ පාර මනාප දෙනකොට හොදට කල්පනා කරලා මනාප දෙන්න. 2015 දී
අපි බුලත් කොළෙන් 97 දෙනෙක් පාර්ලිමේන්තුවට යැවුවා. ඒකෙන් 57 දෙනෙක්
ම ගියා අපිව දාලා. 42 යි අපි එක්ක හිටියේ. අපිව දාලා නොගිය, අපේ
දේශපාලන ප්‍රතිපත්ති මුදලට වරදාන වරප්‍රසාද වලට පාවා දෙන්නේ නැති
ජනතාවගේ හදවත තේරුම් ගත්ත මිනිසුන්ට ඡන්දය දෙන්න. පොහොට්ටුවේ
සාමාජිකත්වය ගත්ත අයට ඡන්දය දෙන්න. පොහොට්ටුව අපි හැදුවේ
අමාරුවෙන්. මට මෛත්‍රී එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. මම හොද ශ්‍රී
ලංකාකරයෙක්. එතුමා ශ්‍රී ලංකා එක අලියාගේ නැට්ටේ ගැටගහනකොට අපිට
එතැන හිටගන්න බැරි වුණා. අපේ ගෙවල් ගිණි තිබ්බේ තාත්තාට පිහියෙන්
ඇන්නේ අපිට පුළුවන් තරම් වද දුන්නේ යු.එන්. පි ආණ්ඩුව. බණ්ඩාරනායක
මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බැහැලා ආවේ ආයෙත් ශ්‍රී ලංකා
එක අලියාගේ නැට්ටේ ගැට ගහන්න නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයට
එරෙහිවයි. මේ පාවා දීමට එකග නොවුණ නිසයි අපිව ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයෙන් එළෙව්වේ. හැබැයි මතක තියාගන්න මේ රටේ බණ්ඩාරනායක
මහත්තයාට සිරිමාවෝ මැතිණියට ආදරේ කරන, ආදරේ කරපු නියම ශ්‍රී
ලංකාකාරයෝ ජෙනුවින් ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ අපි එක්කයි. ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය කියන්නේ ඒ පක්ෂයේ සාමාජිකයන්ට නියම ශ්‍රී ලංකා මිනිස්සු
ඉන්නේ අපි එක්ක. ඒ නිසා මහින්ද අතහැර නොයන ප්‍රතිපත්තිගරුක මිනිසුන්ට
ඔබේ මනාපය දෙන්න.
මහින්ද අගමැති කිරීමේ සටනේ අවසන් අදියරටයි අපි මේ පැමිණ සිටින්නේ.
2015 ජනවාරි 08 වෙනිදා ඉදලම මහින්ද නැවත අගමැති කිරීමේ අරගලයක් අපි
ආරම්භ කළා. අදියරෙන් අදියර අපි එය ජයග්‍රහණය කරමින් ඉන්නවා. අගෝස්තු
05 වෙනිදාට තියෙන්නේ එහි අවසන් සටනයි. ඉන් පසු අපි රට ගොඩ නැගීමේ
සටන අරඹනවා. මහින්ද රටේ නායකත්වයට ගෙන ඒ මේ සටනේ දී අපිට විවිධ

බාධක ආවා. නමුත් ජනතා ඡන්දයෙන් මහින්ද අගමැති කර මිසක් අපි ආපහු
හැරෙන්නේ නෑ.
අද එජාපය දෙකට බෙදිලා. රනිල්ලා, සජිත්ලා මරා ගන්නවා. මේකට කියන්නේ
දිට්ටධම්ම වේදනීය කර්මය. මෛත්‍රී යහපාලන නායකයා. … අසරණ වෙලා අපි
කියන දේවල් අහගෙනත් ඉන්නවා. රනිල්, සජිත් රණ්ඩු කරන්නේ ආණ්ඩුව
ගන්න නෙමෙයි. යු.එන්.පි එකේ අයිතියට. පක්ෂය බලය ගැන රණ්ඩුවක් තමයි
ඔවුන් අතර තියෙන්නේ. විපක්ෂය එකිනෙකා කා කොටා ගනිද්දී ගෝඨාභය
මහත්තයා උත්සාහ කරන්නේ රට ගොඩනගන්න. සජිත්ලාගේ වේදිකායල
තියෙන්නේ මඩ. හැබැයි ගෝඨාභය මහතත්යාගේ මඩ නෑ වැඩ විතරයි. අද මඩ
වලට රැවටෙන්නේ නැති වැඩවලට සහාය දෙන රටක් නිර්මාණය වෙමින්
තියෙනවා. පොරොන්දු දේශපලනය මේ තවදුරටත් වලංගු නෑ. රටට ඕන රට
නගන වාඩපිළිවෙලක්. ඒ වැඩ පිළිවෙල තියෙන්නේ ශ්‍රී ලංකාපොදුජන
පෙරමුණට පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img