Monday, September 14, 2026
HomeNEWSLatest Newsව්‍යාපාර කිරීමේ අයිතිය සෑම ව්‍යාපාරිකයෙකුටම එක හා සමානව පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ ලබාදෙනවා….

ව්‍යාපාර කිරීමේ අයිතිය සෑම ව්‍යාපාරිකයෙකුටම එක හා සමානව පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ ලබාදෙනවා….

ව්‍යාපාර කිරීමේ අයිතිය සෑම ව්‍යාපාරිකයෙකුටම
එක හා සමානව පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ
ලබාදෙනවා….

කුමන දේශපාලන අදහස් දැරුවත්, කුමන ජාතියක් නියෝජනය
කළත් ව්‍යාපාර කිරීමේ අයිතිය සෑම ව්‍යාපාරිකයෙකුටම එක හා
සමානව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ ලබාදෙන
බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.07.23) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී
කොළඹ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා
මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද
පැවසුවේය.
මම ජනාධිපති ලෙස පත්වෙලා සිටින විට අපිට අවස්ථාව තිබුණා
ඔබේ ගැටලු විසඳන්න. අපි හැම විටම ඔබ සමඟ සාකච්ඡා
කරන්න සූදානම් වෙලා හිටියා. අපි දකිනවා අනෙක් රජයන් වලින්
ඔබට සාකච්ඡාවලට ඉඩක් තිබුණේ නැහැ. ඒ යුගයේ සහ මේ
යුගයේ වෙනසක් තිබෙනවා. අනෙක් පාර්ශවයන්ට ඇහුම්කන් දීමේ

හැකියාව අපට තිබෙනවා. අපි හැමවිටම සාකච්ඡා මාර්ගයෙන්
තමයි ගැටලු විසඳුවේ.
ආනයන සහ අපනයන සඳහා මේ වන විට යම් අර්බුදයක්
තිබෙනවා. ඒකට හේතු වුණේ මේ රටේ අපි භාරගන්න විට තිබුණ
ආර්ථික තත්ත්වය. 2010 අපි භාරදෙන විට රටේ ආර්ථිකය හොඳ
තත්ත්වයක තිබුණා. ඒ බව ඔබ දන්නවා. මේ තත්ත්වය උඩ තමයි
අපිට යම් යම් පාලනයන් කරන්න සිදු වුණේ. ඇමරිකානු
ඩොලරයක මිල පසුගිය කාලයේ රුපියල් 200 ඉක්මවන තැනට
ආවා. ඒත් අපි ආණ්ඩුව භාරගත්තට පස්සේ ආයෙත් ඩොලරයේ
අගය 185ට බැස්සුවා. 2005 දීත් මේ වගේ තත්ත්වයක් ඇති වුණා.
ඒක තාවකාලික තත්ත්වයක්. අපිට එය ඉක්මණින් වෙනස් කරන්න
හැකි වුණා. කොරෝනා වසංගතයත් එක්ක අපිට යම් යම් තීරණ
ගන්න සිදු වුණා.
ලෝකයේ කොරෝනා බෝවීම ආරම්භ වන විටම, ජනාධිපතිවරයා
ජනවාරි මාසයේදී අපේ රටේ වසංගතය පැතිරෙන්නත් කලින් කාර්ය
සාධක බලකායක් පිහිටෙව්වා. ඒ වගේම තමයි අපිට ඡන්දය කල්
දමන්න සිදු වුණා. අපි ආණ්ඩුව භාර ගත්තට පස්සේ අයවැය
ගේන්න ලැහැස්ති වුණත් විපක්ෂය කිව්වා අයවැය ගෙනාවොත්
පරදවනවා කියලා. ඒ නිසා අපිට මාර්තු මාසය වෙනකල් බලාගෙන
ඉන්න සිදු වුණා. මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා
ජනාධිපතිවරයාට තියෙන බලතල අනුවයි කොවිඩ් පාලනය සඳහා
මුදල් ලබාගන්න පුළුවන් වුණේ.
රට ශක්තිමත් කරන්න වගේම රට රකින වගකීම අප සතුයි.
මොන දේශපාලන අදහස් දැරුවත් මොන ජාතියේ වුණත් මේ රටේ
ජීවත් වීමේ අයිතිය, රැකියා කිරීමේ අයිතිය, වෙළඳාම් කිරීමේ
අයිතිය අපේ ආණ්ඩුවක් යටතේ ලබාදෙනවා. මේ රටේ රැකියා හා
වෙළඳාම් කිරීමේ අයිතිය සියලු දෙනාටම තිබෙනවා. ඒ නිසා අපේ
රජයක් යටතේ ඔබේ ව්‍යාපාර දියුණු කරගැනීමේ අවස්ථාව අපි
ලබාදෙනවා.
මෙම හමුව සඳහා හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ
ව්‍යාපාරිකයින් රැසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img