සියලු ධීවර වරායවලට නව තාක්ෂණික ක්‍රමවේද සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙනවා…
රටේ සියලු ධීවර වරාය වලට නව තාක්ෂණික ක්‍රමවේද සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (2020.07.23) ත්‍රීකුණාමලය නගරයේ පැවති හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
මේ දිස්ත්‍රිකalfha ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11ක් තියෙනවා. මන්ත්‍රීවරු 4න් අපි මේ පාර 2ක්වත් දිනන්න ඕන. ගම්මාන 657ක් මේ දිස්ත්‍රික්කයේ තියෙනවා. මේ ප්‍රදේශය සංවර්ධනය කිරිමේ අවශ්‍යතාවය අපට තිබෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ත්‍රීකුණාමල වරාය, පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාව වගේම මේ දිස්ත්‍රික්කය තුළ ධීවර සම්පතත් තිබෙනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පෞද්ගලික අංශය ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අය ඒක නොකළොත් අපි ඒක රජයට පවරගෙන කර්මාන්තශාලාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
ඒ වගේම මේ පළාතේ ගවපට්ටි හිමියන්ට විශාල ප්‍රශ්නයක් තිබෙනවා තණ බිම් නැතිකම නිසා. පානීය ජලය සහ වගාවන් සඳහා ජලය ලබාගැනීම තමයි ඔබට තිබෙන ප්‍රධානතම ගැටලුව. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා වැව් අමුණු නැවත වතාවක් පිළිසකර කරලා ඒ වැඩපිළිවෙළ නැවතත් දියත් කරනවා.
ඒ වගේම තමයි මේ ප්‍රදේශය තුළත් සිංහල, දමිළ ,මුස්ලිම් ජනතාව ඉන්නවා. අපි රටක් සංවර්ධනය කරන විට ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් සංවර්ධනය කරන්නේ නැහැ. උතුරු- නැගෙනහිර, කන්ද උඩරට, බටහිර, දකුණ හැම පැත්තම අපි එක සමානව සංවර්ධනය කරනවා. ජාතික පාසල් 07ක් අපි මේ දිස්ත්‍රික්කයට ලබාදීලා තියෙනවා. ගුරුවරුන්ගේ තියෙන හිඟයත් නැති කරලා මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම තමයි අපේ ප්‍රධානම අරමුණ.
මේ තත්වය තවදුරටත් වැඩිදියුණු කරන්න නම් නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය lghq;= අපේ ආණ්ඩුවෙන් කරනවා. ජැටි සහ මාළු ගොඩබෑමේ ස්ථාන, නූතන සන්නිවේදන පහසුකම්, ශීතාගාර පහසුකම්, ඉන්ධන සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් අපේ රටේ සියලු ධීවර වරාය වලට ලබා දෙන්න අපි කටයුතු කරනවා.
මේ රට ශක්තිමත් කරන්න ඔබ සියලු දෙනාගේ සහය අපට අවශ්‍යයි. රට ගොඩනගන්න නම් හොහොට්ටුව සමඟ එක්වෙන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා.
ඕනෑම ජාතියක, ඕනෑම කෙනෙකුට නිදහසේ රටේ ඕනෑම තැනකට යන්න පුළුවන් වෙන ආකාරයට අපි නිදහස ලබාදුන්නා. ලෝකයේ රුදුරුම ත්‍රස්තවාදය අපි නැති කළා. අපිට වගකීමක් තිබෙනවා. ඒ වගකීම අපි ඉටු කරනවා. ඔබේ යුතුකම ඔබ ඉටුකරන්න. ඔබේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න පොහොට්ටුවට ඡන්දය දෙන්න.
මෙම හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
































