සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ ඉබුල්පේ ප්‍රදේශයේ දී පැවති ජනහමුවකදී පළ කළ අදහස්.
මේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ අපේ රටේ අනාගත ගමනේ තීරණාත්මක මොහොතකයි. ආර්ථිකය අන්ත පරිහානියට ලක් වෙලා තියෙන, ජනතාවගේ අතේ මුදල් නොමැති මොහොතක එන්න එන්නම රට අන්ධකාරයකරා යන අවස්ථාවක මහ මැතිවරණය පැවැත්වෙනවා. මේ රටේ පැහැදිලි ජනතාවාදී සොඳුරු රජයක් බිහිකරලා ජනතාවට සහන සලසන ජනතාවාදී සෞභාග්‍යය සම්පන්න රජයක් බිහි කිරීම අපේ අරමුණයි. ඒ සඳහා සමගි ජන බලවේගයට ජනවරමක් ලබා දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ ජනවරම තුළින් අපි ජනහිතකාමී රජයක් බිහි කරලා අපේ රට දැවැන්ත සංවර්ධනයක් කරා යොමු කරනවා.
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් මේ රටේ එදා වේල් තුන පිරිමහන්න බැරි ග්‍රාමීය සහ නාගරික දුප්පත් ජනතාවට මාසෙකට රුපියල් 20,000 බැගින් ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා.
අපි රුපියල් 20,000 ලබා දෙන විට ජනතාවගේ අතට සල්ලි ලැබෙනවා.ජනතාවගේ අතට මුදල් ලැබෙන විට ආයෝජනය පරිභෝජනය කිරීම සිදුවෙනවා. ආයෝජනය පරිභෝජනය ඉතිරිකිරීම සිදු වන විට කඩා වැටුණු ආර්ථිකයට නව පනක් ලැබිලා ආර්ථිකය ගොඩ නැගෙනවා.
දුරකථනය ජයග්‍රහනය කරලා සමගි ජන බලවේගය ආණ්ඩුවක් බිහි කරලා පැය විසි හතරක් ඇතුළත්ව අපි අනිවාර්යයෙන්ම තෙල් මිල අඩු කරනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. තෙල් මිල අඩු කරන විටත් බඩු මිල අඩු වෙනවා, ජීවන මිල අඩු වෙනවා, ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා, ආහාර මිල අඩු වෙනවා. ඒ අඩුවීමත් සමඟ ජනතාවගේ අතට වැඩිපුර මුදලක් ලැබෙනවා. ඒ මොකද ජනතාව පරිභෝජනය කරන විට ආයෝජනය කරන විට ඉතිරි කරන විට ආර්ථිකය උඩට යනවා.
මෙවැනි ක්‍රමවේදයන් තුළින් අපි ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරනවා. අපි එ් ආකාරයෙන් ආර්ථිකය ගොඩ නගෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට රටේ මුදල් ඇමති ඇමතිය විදියට අගමැතිවරයාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ බුවනෙකබාහු රජතුමාට කොයිතරම් බිරින්දෑවරුන් හිටියද කියන කාරණාව ගැනයි.
දැන් රටේ ජනතාව ඉල්ලන්නෙත් ජීවත් වීමට අවස්ථාවක්. රටේ ආර්ථිකය ගොඩනැගීම අවස්ථාවක්. ජනතාවගේ ආදායම් මට්ටම ශක්තිමත් කිරීමට අවස්ථාවක්. මේවා තමයි ජනතා ඉල්ලීම්. මේ ජනතා සිතුම් පැතුම් ඉෂ්ඨ කරනවා වෙනුවට රටේ අගමැතිවරයා බුවනෙකබාහු රජතුමාගේ බිරින්දෑවරුන් ගැන සොයමින් යනවා. මේක තමයි අද ආණ්ඩුවේ තත්ත්වය.
මුසාව මුල්කරගත් මේ වංචාකාරී ආණ්ඩුවේ දේශපාලනය අපි නැත්තට නැති කරලා අගෝස්තු 5 දාට සමගි ජනබලවේගයේ රජයක් පිහිටුවන බවට ප්‍රතිඥා දෙනවා.
සමගි ජනබලවේගය රජයක් තුළින් මේ රටේ ජනතාව රජ කරවන රජයක් අපි බිහි කරනවා. මේ ඉඹුල්පේ ජීවත්වන වතු ක්ෂේත්‍රයේ ජනතාව බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. කම්කරු ජනතාව වෙනුවෙන්ම අපේ දැවැන්ත සුබසාධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මගින් සහන රැසක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සහන ලබාදෙනවා වගේම ජන සමාජයේ විනයානුකූලව, යුක්ති ගරුකව, ශක්තිමත් සමාජ පදනමක් ගොඩනැගීමට අපි අදහස් කරනවා.
මේ ඉඹුල්පේ බල ප්‍රදේශයේ ජීවත්වන සෙසු ජනතාවගේත් අපි අනාගතය සුරක්ෂිත කරනවා. රටේ සමස්ත ජනතාවගේ අනාගත වගකීම අපි බාරගන්නවා.
පුරවැසියන් ලක්ෂ දෙසිය විස්සකට ආසන්න සංඛ්‍යාවක් අපේ රටේ ජීවත් වෙනවා. පවුල් ලක්ෂ හැට එකක් තියෙනවා. පලාත් 9 ක ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසිදෙකක ගම්මාන 51000ක් තියනවා. මේ සියළු ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්
අපේ රජයක් තුළ ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන තුළින් තලතා අතුකෝරාල මහත්මිය ගේ නායකත්වයෙන් බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ හැම ගමක්ම, හැම නගරයක්ම අපි ශක්තිමත් සංවර්ධනයක් කරනවා.
තලතා අතුකෝරාල මහත්මිය හැමදාම අපිත් එක්ක එකට හිට ගත්තු මේ දිස්ත්‍රික්කයේ නායක තුමිය. සජිත් ප්‍රේමදාස දරපු හැම ස්ථාවරයක් සමඟම තලතා අතුකෝරල මැතිණිය මාත් එක්ක එකට හිට ගත්තා. මට දැවැන්ත ශක්තියක් ලබා දුන්නා. ඒ නිසා එතුමිය ඉහළින්ම දිනවන්න කියලා මේ බල ප්‍රදේශයේ ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා.
ඒ වගේම මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ජයග්‍රහණය කරවලා අපේ ගමනට ශක්තියක් කරන්න පාර්ලිමේන්තුවට එවන්න කියලා අපි මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.






















