Friday, July 17, 2026
HomeNEWSපලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඇමැති බිමල්ගෙන් උපදෙස්.

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඇමැති බිමල්ගෙන් උපදෙස්.

පළාලි ගුවන්තොටුපොළට නව රජයේ වි⁣⁣ශේෂ අවධානයක්.###############පහසුකම් වැඩි කිරිමට හා සංවර්ධන කටයුතු සඳහා අමාත්‍ය උපදෙස්.##############ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා(30/03/2025) පළාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිරීක්ෂණට එක් විය. මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ද ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම් සභාපති සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.එහි දී බිමල් රත්නායක මහතා පළාලි ගුවන්තොටුපොළට අයත් සියලුම අංශ වල කාර්ය මණ්ඩල හමු වී ඔවුන් සමඟ සාකච්ඡා කර මේ වන විට පවත්නා පහසුකම් ගැන ව්මසා බැලු අතර හැම අංශයකම සංවර්ධනයක් කර වැඩි දියුණු කරන්නට අවශ්‍ය උපදෙස් හා සහාය රජයෙන් ලබා දෙන බව ප්‍රකාශ කලේ ය.එහි දි පැමිණ සිටි මාධ්‍යයන්ට අමාත්‍යවරයා දැක්වූ අදහස් මෙසේයි.”දැනටමත් අන්තර්ජාතික ගුවන්තොටුපොළක් වන පළාලි ගුවන්තොටුපොළ භාවිතා කිරීම සදහා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුම වැඩි වී ඇතිබවක් පෙනී යනවා. විශේෂයෙන් ම දැනට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන යාපනය ආශ්‍රිත සංචාරකයන්ට එතැන්සිට දේශීය ගුවන්වාර වැඩිදියුනණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා ලංකාවේ ගුවන්ගමන් පිලිබද නීතියේ සංශෝධන කරමින් දේශීය ගුවන් ගමන් වලට ගැළපෙන පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළාලි ගුවන්තොටුපොළ දියුණු කිරීම සදහා තව බොහෝ කාර්යයන් සිදුකළ යුතු අතර ඒ සඳහා ගුවන්තොටුපොළ අධිකාරියට සැලසුම් තියෙනවා. යුද්ධයකින් බැට කෑ යාපනය ආශ්‍රිත ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීමට පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය පිටිවහලක් වෙනවා. ගුවන්තොටුපොළ සභාපතිතුමා කියන්නේ මේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ගුවන්තොටුපොළ සතුව ම ඇති බව. ඉතා ඉක්මනින් මෙම ගුවන්තොටුපොළ අන්තර්ජාතික වශයෙන් දියුණු කළ යුතුයි. ඒ සදහා කරුණු 2ක් සිදු කළ යුතුව තියෙනවා. එකක්, ගුවන් පථය දික් කළ යුතුයි. අනික ආරක්ෂිතව ගමන් කළ හැකි සුදුසු පර්යන්තයක් සකස්කළ යුතුයි. මෙම සංවර්ධන කටයුතු ශක්‍යතා අධ්‍යයනයක් ඇතුව නව ව්‍යපාරික සැලසුම් සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපි මේකේ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරිමට බලපොරොත්තු වෙනවා”.-මාධ්‍ය අංශයප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img