Monday, September 14, 2026
HomeNEWSපළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, අද දිනයේ එම කැඳවීම සිදුකර ඇති බවය.

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ.

ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ පළාත් පාලන ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට නියමිතය.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදෙනු ලබන නිරීක්ෂණ සංවිධාන සම්බන්ධයෙන් ලබන මස මුලදී තීරණය කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පැෆ්රල්, කැෆේ, සී.එම්.ඊ.වී ඇතුළු නිරීක්ෂණ සංවිධාන 10ක් කොමිසමේ ලියාපදිංචි වී ඇති ඇති අතර එම සංවිධානවලින් පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදෙන සංවිධාන පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ට සිදුකළ හැකි වියදම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img