ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය ටිල්වින් සිල්වා මහතා විසින් දරමින් සිටින අතර නව ප්‍රධාන ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කිරීම සඳහා සාකච්ඡාවක් මේ වන විට ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් එම පක්ෂය විසින් අවසන් තීන්දුවක් ගෙන නැත.






















