Wednesday, November 11, 2026
HomeNEWSපාසල් ළමුන් අතර ආසාදිතයින් වැඩිවීමේ අවදානමක්

පාසල් ළමුන් අතර ආසාදිතයින් වැඩිවීමේ අවදානමක්

දැනට වාර්තා වෙන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට පාසල් දරුවන් අතර ද කොවිඩ් ආසාදිතවීම ඉහළගොස් ඇති බවය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“ලංකාව පුරාම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම අපි දකිනවා. ඒ වගේම දරුවන්ටත් කොවිඩ් වැඩිවෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා අපේ පාසල් පද්ධතිය ආපහු සැරයක් වසා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිහිටියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රෝගය ගෙදරට ගෙනියන්නේ නැතුව ඉන්න.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“පළාත් කිහිපයක රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි කල්තියා කියපු දෙයක්. මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලෙකට පස්සේ විවෘත කරපු පාසල් ආයෙත් වහන්න සිද්ධ වෙනවා. මේ වැඩිවෙන කොවිඩ් ආසාදිතයින් එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම නැවතත් සංචරණ සීමා සහ අනෙකුත් සීමා පනවනවා හැර වෙන විකල්පයක් නැතුව යනවා.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img