Wednesday, November 11, 2026
HomeNEWSකාලගුණයෙන් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර 2021 නොවැම්බර් මස 18 වන දින දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් ව තිබේ.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img