Wednesday, November 11, 2026
HomeNEWSදෙපා අහිමි වුවද සරසවි වරම් හිමිකර ගත් දිරිය දියණිය

දෙපා අහිමි වුවද සරසවි වරම් හිමිකර ගත් දිරිය දියණිය

දෙපා අහිමි වුවත් උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන සරසවි වරම් හිමිකර ගත් දිරිය දියණියක් පිළිබඳව “අද දෙරණ”ට තොරතුරු වාර්තා වුණි. ඒ හාලිඇළ, රිල්පොල ප්‍රදේශයෙනි.

සිය මවගේ දෑතේ එල්ලී පාසල වෙත පැමිණෙන මදුෂිකා දිල්රුක්ෂි හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිල්පොල ගම්මානයේ දිවිගෙවයි.

ඇය හාලිඇළ රිල්පොල ධර්මරාජ විද්‍යලයේ ඉගෙනුම ලබයි.

උපතින්ම දෙපා අහිමි වුවත් ඇය එය කිසිම දිනක අඩුවක් ලෙස සැලකූවේ නැහැ. 

මධුෂිකා පිළිබඳ ඇගේ මව සංවේදී වෙමින් මෙසේ පැවසුවාය.

“1 වසරේ ඉදලම වඩා ගෙන තමා ආවේ. යාලුවෝ තමා උදව් කරේ. අද උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරිලා තියෙනවා.”

දෙපා අහිමිවීම, අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක් කර නොගැනීමට ඇය සැමවිටම වග බලාගත්තේය.

එය සනාථ වන්නේ ඇය මෙවර උසස්පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන විශිෂ්ඨ ලෙස සමත්වීමත් සමගය.

ධෛර්ය හා ආත්ම විශ්වාසයත් සමග ජීවිතයට මුහුණදුන් මධුෂිකා මේ වනවිට සරසවි වරම් දිනා ගත් සිසුවියකි.

“මම අපොස උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබාගැනීමට සමත්වුණා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ.”

තමන්ට පවතින සුළු සුළු අඩුපාඩු බාධාවක් කොටගෙන ජීවිතය අසාර්ථක කරගන්නා මිනිසුන් බහුල සමාජයකට මධුෂිකා මුළු මහත් සමාජයට ම සැබෑම ආදර්ශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img