Wednesday, November 11, 2026
HomeNEWSපෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමෙන් EPF එකට මොකද වෙන්නේ...

පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 දක්වා වැඩි කිරීමෙන් EPF එකට මොකද වෙන්නේ ?

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.

එම තීරණය සමග ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, විශ්‍රාම යාමේ අවම වයස් සීමාව වෙනස් වුවද සේවක අර්ථසාධක අරමුදල් පනත ට කිසිදු වෙනසක් සිදුකර නොමැති බවය.

යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම ගන්නේ ද එම පුද්ගලයා ට රැකියාවෙන් ඉවත් වු අවස්ථාවේ දී සේවක අර්ථසාධක අරමුදල ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“EPF පනතේ තියෙන්නේ, පිරිමි කෙනෙකු ට වයස 55ක් හා කාන්තාවකට වයස 50ක් කියලා. ඒ වයසේ දී ගන්න පුළුවන් සේවයෙන් අයින්වෙලා. EPF පනතට අපි එක දශමයක්වත් අත තිබ්බේ නෑ. ඒක එහෙම ම තියෙනවා. ඔයාට 55න් ගන්න පුළුවන් වෙන්නේ 55න් අයින් වෙනවා නම්. 56න් අයින් වෙනවා නම් ඔයාට ගන්න වෙන්නේ 56 දී. නමුත් යම්කිසි කෙනෙක් 55න් EPF එක අරන් අයින් වෙනවා. ඊට පස්සේ ආයතනය කැමති නම් ඔයාව නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න නව අංකයකින් ඔයාව බඳවා ගත්ත ට ප්‍රශ්නයක් නෑ. නව අංකයින් වසර 5ක් ඉන්න පුළුවන්. අයින් වෙන වෙලාවට තමා EPF එක ගන්න පුළුවන්. මේක අලුතින් ගෙනාපු එකක් නෙමෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img