Thursday, September 24, 2026
HomeNEWSපාස්කු කොමිසම - නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමාවීමට...

පාස්කු කොමිසම – නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමාවීමට හේතුව

පාස්කු කොමිසම – නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙක්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමාවීමට හේතුව

නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නේය.

එහිදී ඔහුගෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා පළමුව ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔබ පුර්ණ වශයෙන් පරිශීලනය කළේද යන්නය.

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දෙමින් පැවසුවේ, “මම එය සම්පුර්ණයෙන් පරිශීලනය කළේ නැහැ ස්වාමිනි. නමුත් තේරිම්කාරක සභාව හමුවේ මම දුන්න සාක්ෂියට අදාළ කොටස පරිශීලනය කළා. 2020 පෙබරවාරි 24 හෝ ඊට ප්‍රථම මම නීතිපතිවරයාව දැනුවත් කළා තේරිම් කාරක සභා වාර්තාවේ සඳහන් වු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන නිලධාරින්ට අදාළ කරුණු සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව නීතිපතිවරයා විසින් ත්‍රීපුද්ගල කමිටුවක් පත්කළා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් පස්සේ ජයමාන්න මහත්මයා පෞද්ගලික හේතුවක් මත ඒ කමිටුවෙන් ඉවත් වුණු නිසා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කළා. එම කමිටුවේ වාර්තාව 2020 ජුලි මස 20 වනදා වෙලුම් දෙකකින් සමන්විතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළා,” යනුවෙනි. 

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ එම කමිටු වාර්තාව කුමන නිර්දේශ ඉදිරිපත් කර තිබුනේද යන්නය. 

“ස්වාමිනි, ආයතනික සංග්‍රහයේ දෙවන ජේදයේ 13 (2) වගත්තියේ විධිවිදාන ප්‍රකාරව මේ නිලධාරින් දෙදෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා එහි සඳහන් වෙලා තිබ්බා. එහි එම නිලධාරින් දෙදෙනාට අදාළ ව චෝදනා පත්‍ර ආකෘති දෙකකුත් ඉදිරිපත් කරලා තිබ්බා. පස්සේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා එක අධ්‍යයනය කරලා වැඩිදුර අධ්‍යනයට වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාට එම මුලික විමර්ශන වාර්තාව යොමු කළා. පස්සේ ඔහුත් නිර්දේශ කළා නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. පස්සේ නීතිපතිවරයා 2020 නොවැම්බර් මස 12 මා වෙත ගොනුව යොමුකළා ඉදිරි පියවර ගන්න කියලා. මම 2020 නොවැම්බර් මාසේ 27 වෙනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හරහා මුලික විමර්ශන කමිටුවේ නිර්දේශයි, කෙටුම්පත් කළ චෝදනා පත්‍රයි රාජ්‍ය සේවා කොමිසමට යොමුකළා විනය පියවර ගන්න කියලා නමුත් මේ වන තෙක් ඊට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබිලා නැහැ”. 

” 2017 කාලේ වෙද්දි අසාද් නවාවි මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඒ වෙද්දි ඔහු නැගෙනහිර පළාතේ අංශ දෙකක්, EER සහ TR යන ත්‍රස්‍ත විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කරන කණිෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා ”  

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ ඒ වන විට නවාවි මහතාගේ ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ කවුරුන්ද යන්නය.

” ස්වාමිනි ඒ කාලේ වෙද්දි අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරලා තියෙන්නේ එවකට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකුව සිටි වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා මහතායි,” යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දුනි.

“හරි, ඒ අනුව මේ ප්‍රශ්නගත EER 08 / 2017 ගොනුව එය භාර නිලධාරියා හෝ අධීක්ෂණය නිලධාරින් 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට කළින් නීතිපතිවරයාගේ අවධානයට යොමු කරලා තියෙනවාද?,” යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසීය.

“ස්වාමිනි සටහන් වල දැක්වෙන විදිහට ගොනුව භාර නිලධාරියා, අධීක්ෂණ නිලධාරියාව දැනුවත් කරලත් නැහැ, කනිෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ජ්‍යෙෂ්ඨ අධීක්ෂණය නිලධාරියා වන අපරාධ අංශයේ ප්‍රධානියාව දැනුවත් කරලත් නැහැ. ඒ අනුව නීතිපතිවරයා දැනුවත් වෙලත් නැහැ,” යැයි සුමති ධර්මවර්ධන මහතා පිළිතුරු දුන්නේය.

මෙහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ඉල්ලීමක් කළේය.

“ස්වාමිනි නීතිපතිවරයා විසින් 2019 ජුනි 18 වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තමන් ළඟ තිබු ප්‍රමාණවත් තොරතුරු උපදෙස් සඳහා නීතිපතිවරයාට යොමු කරලා නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට මේ සම්බන්ධයෙන් වගකීම ගන්න බැහැ කියලා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ගේ වරදක් නැත්තම් මගේ සේවාදායකයාගෙත් වරදක් තිබෙන්න බැහැ. මේ ලිපියට අදාළව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා මාහට අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට ඇයව මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැදවන්න,” යැයි සදහන් කළේය.

එම ඉල්ලීම පිළිබද සලකා බැලු ජනාධිපති කොමිසම නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවියට හෙට දින ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත්, මෙ මස 17 වනදා බ්‍රහස්පතින්දා සාක්ෂි ලබාදීම සදහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට

කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට......! කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් ආරම්භ කර ඇති කොලොන්නාව වැසි ජල අපවහන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img