Monday, November 9, 2026
HomeNEWSපොලීසියෙන් බව පවසා නිවසක් කොල්ලකයි

පොලීසියෙන් බව පවසා නිවසක් කොල්ලකයි

පොලිස් නිලධාරීන් ලෙස හඟවමින් නිවසකට ඇතුළුවූ පිරිසක් එම නිවසේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (09) උදෑසන පූගොඩ පැපිලිවල ප්‍රදේශයේ නිවසක මෙම කොල්ලය සිදුවී ඇති බවය.

එහිදී සැකකරුවන් විසින් අදාළ නිවසට ඇතුළුවී පදිංචිකරුවන් රවටා රුපියල් 342,550ක් වටිනා රන් භාණ්ඩ සහ මුදලින් රුපියල් 15,000ක් කොල්ලකා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පූගොඩ පොලීසිය සඳහන් කළේ එම සැකකරුවන් අවුරුදු 25, 39, 41 සහ 50 යන වයස්වල පසුවන කිරිඳිවැල, වරකාපොළ හා කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

ඉන් එක් සැකකරුවෙක්ට නුගේගොඩ මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අයෙක් බවද හඳුනාගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී ග්‍රෑම් 32ක් පමණ බර සහ විවිධ බරවලින් යුත් උණුකරන ලද රන් ගුලි 8ක්, ජීප් රථයක්, අත්විලංගු දෙකක්, ගමන් කථනයක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවද පොලීසිය පැවසීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img