චෝදනා කිහිපයකට වරෙන්තු ලැබ සිටි පුද්ගලයෙකු ත්රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ යාන් ඔය ප්රදේශයේදී කුච්චවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබුණි.
එම අවස්ථාවේදී සැකකරු පොලීසියෙන් මිදී පළාගොස් තිබුණි.
පසුව එම පුද්ගලයාගේ සිරුර යාන් ඔය ආසන්නයේ කුඩා වතුරවලක තිබියදී ඊයේ (07)සොයාගැනුණි.
අද (08) ඔහු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය ත්රිකුණාමලය මහරෝහලේදී පැවති අතර,මරණ පරීක්ෂණ වාර්තාව බාරගැනීම ප්රතික්ෂේප කළ මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මරණය සැකසහිත බවය.






















