Saturday, July 18, 2026
HomeNEWSපොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීමට චීන...

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට චීන අගමැතිවරයාගේ සහාය.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙනවා- චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළේය.දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිටම පවතින බවය.දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළේය. දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. සංස්කෘතික හුවමාරුව, වෙළෙඳ හා දේශපාලන සහයෝගීතාව පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානයට ලක් විය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ඇතුළු චීනයේ රාජතාන්ත්‍රිකයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img