Friday, September 4, 2026
HomeNEWSLatest Newsබන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයෙන් සමාව අයදියි

බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයෙන් සමාව අයදියි

බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයෙන් සමාව අයදියි

අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් සමාව අයදින බවත්  මින්මතුවට මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලා ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටී මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ පැවසීය.

මත්කුඩු පිළිබඳ නඩුවක විත්තිකරුවකු ඉකුත් දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග නිකුත් කර තිබුණත් එම විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැත.

එම විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වාර්තාවක් ද එදින බන්ධනාගාර බලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් එදින දැඩි දෝෂාරෝපණ  කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් වරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණි.

ඒ අනුව අද දින අධිකරණය හමුවේ පෙනී සිටි මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ රාජකාරි කටයුත්තක නිරතවීමට සිදු වී ඇති හෙයින් ඔහුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් දන්වා සිටියේය.

කෙසේවෙතත්, පසුගිය දින ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් මින් මතුවට මෙවැනි තත්ත්වයක් උදානොවීමට වගබලා ගන්නා බවත් ලිපියක් මගින් අධිකරණය දැනුවත් කර තිබුණි.

ඒ අනුව එම කරුණ සටහන් කර ගත් මහාධිකරණ විනිසුරු තොටවත්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටි මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා මුදාහැරීමට නියෝග කළේය.

අනතුරුව මෙම නඩුවේ විභාගය ජනවාරි මස 25 වන දා පැවැත්වීමට ද නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img