Tuesday, November 10, 2026
HomeNEWSබස් ගාස්තු සංශෝධනය කිරීමට සූදානම්

බස් ගාස්තු සංශෝධනය කිරීමට සූදානම්

අකමැත්තෙන් වුවද අවම වශයෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට අද (26) සහභාගීවු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළේය.

“බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මගියා ගැන කල්පනා කරලා අපි යන්න පුළුවන් අවම සංශෝධනයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නැවතත් බස් ගාස්තු අඩු කිරීමේ කොන්දේසියකට යටත්වයි.” 

“ඒ නිසා යම් ගාස්තු සංශෝධනයකට ලබන සතියේ අපිට යන්න වෙනවා. මේවා කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි.” 

“ඉන්ධන මිලේ පහළ වැටීමක් වුණාම සහ ආසන ගත මගී සංඛ්‍යාවේ නීතිය ඉවත් කරපු දවසට නැවත ගාස්තු අඩු කරනවා. ඒ නිසා ලබන බදාදා වෙනකොට බස් ගාස්තු සුළු වැඩිවීමක් සිදුකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img