බ්‍රෙක්සිට් ගිවිසුම කඩ කළැයි බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු
බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළ එකඟතා කඩ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කිරීමට නියමිත බව යුරෝපා සංගමය පවසයි.
බ්‍රිතාන්‍ය අභ්‍යන්තර වෙළද පළ පනත් කෙටුම්පතේ ඇතැම් කොටස් ඉවත් කිරිම සදහා යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයට පසුගිය බදාදා දක්වා කල් ලබාදි තිබුණි.
එහෙත් ඔවුන් එම කාර්යය ඉටු කිරිමට සමත් නොවීම හේතුවෙන් නිසි ලෙස දැනුම් දීම අවසානයේ දි යුරෝපා අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
මේ අතර බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළද සාකච්ඡා මේ සතියේ දීත් අඛණ්ඩව පැවැත්වේ.






















