බොලිවුඩයේ මත්ද්‍රව්‍ය ජාලයක් – ෂාරුක් සහ රන්බීර් ගේ නම් ද ඈඳෙයි
බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ගැන සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොලිවුඩය වෙලාගෙන ඇති දැවැන්ත මත්ද්‍රව්‍ය ජාලයක් සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ ජාවාරමට බොලිවුඩයේ රජු ලෙසින් සැලකෙන ෂාරුක් ඛාන්ගේ නමත් ඈඳී ඇති බවය.
නැගී එන නළු සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ඝාතනයක් බවට සැක පළ වීම ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බොලිවුඩ් කර්මාන්තයේ නිරත පිරිස් සම්බන්ධ ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ කරුණු අනාවරණ වුණි.
ඒ අනුව හෙළිදරව් වූ තොරතුරු මත ඉදිරියේදී A, S, R හා D යන අන්වර්ථ නාමවලින් හැඳීන්වෙන බොලිවුඩ් සිනමාවේ සුපිරි රංගන ශිල්පීන් සිවුදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ.
මේ වාර්තා වැඩිදුරටත් පවසන්නේ, එසේ මත්ද්‍රව්‍ය ලබාගැනීම සහ ඉහළ පෙළේ පුද්ගලයින්ට මත්ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත රංගන ශිල්පීන් අතරට සුපිරි ඉන්දීය රංගන ශිල්පී ෂාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පාල් සහ ඩිනෝ මොරායා වැනි පිරිස ද අයත්වන බවය.
ඔවුන් සියලුදෙනා පසුගියදා ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ප්‍රශ්නකිරීමට ලක්වූ ඉන්දීය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් සමග රංගනයේ නිරත වී ඇතැයිද සදහන්ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ දී ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දීපිකා පදුකෝන්, ශ්‍රද්ධා කපූරු සහ සෝහා අලි ඛාන් ද කැඳවා ප්‍රශ්න කිරීමට ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කටයුතු කළේය.
මේ පිරිසට අමතරව බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් සහ අධ්‍යක්ෂවරුන් 50 දෙනෙකුගේ නම්, මේ විමර්ශනය සමගින් ඈඳී ඇති අතර, ඉදිරියේදී බොලිවුඩයේ මත්කුඩු ජාවාරම පිළිබඳ අලුත් පැතිකඩක් හෙළි වනු ඇතැයි එරට විමර්ශන අංශ පවසයි.






















