Wednesday, November 4, 2026
HomeNEWSබොහෝ රටවල් ණය උගුලක පැටලවූ බවට චීනයට චෝදනා

බොහෝ රටවල් ණය උගුලක පැටලවූ බවට චීනයට චෝදනා

චීනය විසින් ලොව බොහෝ රටවල් “ණය උගුලක” හසු කර ඇතැයි එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් චෝදනා කළාය. 

ඊට ප්‍රතිචාර දක්වමින් චීනය පවසන්නේ ඇය කර ඇත්තේ, “වගකීම් විරහිත” ප්‍රකාශයක් බවය. 

පසුගිය බදාදා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය පැවසුවේ චීනය ලොවපුරා සිදුකරන කටයුතු විශේෂයෙන් “ණය දෙන ක්‍රියාවලිය” ගැන තමන් විමසිල්ලෙන් සිටින බවය.

එක්සත් ජනපද ව්‍යවස්ථාදායකයේ නියෝජිතයින් පිරිසක් අමතමින් ඇය ඒ බව පැවසුවාය. “විශේෂයෙන් ජාත්‍යන්තර ආයතන සඳහා සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇතිව ඇති චීන බලපෑම පාලනය කිරීමට වොෂින්ටනය දැඩිලෙස කැපවී කටයුතු කරනවා.”

පසුගිය කාලයේදී දියුණුවෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන ගණනක් ණයට ලබාදීමට චීනය කටයුතු කළේය.

නමුත් 2016 පසු ණය ලබාදීම ක්‍රමයෙන් අඩුවිය.

එසේ ණය මත සංවර්ධන කළ බොහෝ ව්‍යාපෘති අසාර්ථක වී තිබේ.  ඒ හේතුවෙන් බොහෝ රටවලට ණය නැවත ගෙවීම දැඩි අර්බුදයක් වී තිබේ.

නමුත් චීනය චෝදනා කරන්නේ අමෙරිකානු මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතික නොසිතූ ලෙස ඉහළ දැමීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවී ඇති බවය.

චීනය තමන් ලබාදුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සැම්බියාව, ඝානාව සහ ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරමින් සිටියි. නමුත් එම ක්‍රියාවලියට විවිධ බාධා ඇතිකරන බවට විවිධ පාර්ශ්ව චීනයට චෝදනා කරයි.

ඊට ප්‍රතිචාර දක්වමින් චීනය පවසා ඇත්තේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ණය සහන ලබාදිය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img