Tuesday, November 10, 2026
HomeNEWSමඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය...

මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ….

 මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ….
 එ් වෙනුවෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමක්…..

මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි.

ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ වාණිජ ආයෝජන අවස්ථා හදුනා ගැනිම සදහා ද විශේෂ වැඩපීළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන් සංතරණ ගණයට වැටෙන හා නොවැටෙන ආයෝජන අවස්ථා පිළිබද ව මෙහි දි අවධානය යොමු කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. මඩකලපුව ප්‍ර දේශයේ සංචාරක හෝටල්, සංචාරක ක්ෂේත්‍ර යේ ක්‍රියාකාරින් සමග මඩකලපුව ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියක් ද දැනටමත් ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නතරවුණු යාපනය – කොළඹ සංවිධිත ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊට අදාළ සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ එම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img